Update : විධායකයේ බලය අඩු කරන්න නිදහස් පක්ෂය අකමැති වෙයි

Friday, 27 February 2015 - 8:14

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික විධායක සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (26) පැවති සාකච්ඡාවේදී එකගතාවයකට පැමිණ නොමැති බව වාර්තා වනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වුණා. ඊට අමතරව එම සාකච්ඡාවට රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන් යන අමාත්‍යවරුන් සහ එම්.ඒ සුමන්දිරන් සහ විජිත් හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. විධායක ජනාධිපති ධුරයේ බතතල අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් එහිදී අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා සහ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ ජනවරම ලැබී ඇත්තේ එම බලතල අඩු කිරීම සඳහා බවයි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද ඊයේ රැස්වූ අතර එහිදී එකගවී ඇත්තේ ඉදිරි සතිය තුළ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට යෝජනා ඉදිරිපත් කිරීමටයි.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/YIj427



බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:04

බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනයේ සුමතිරන්ට එරෙහිව ඇතිවූ උණුසුම් තත්ත්වයේ සජීවී දර්ශන මෙන්න (වීඩියෝ)
Friday, 07 August 2020 - 3:53

සුමතිරන්ට එරෙහිව යාපනයේ විරෝධතාවක් (වීඩියෝ)දෙමල ජාතික සන්ධානයේ... Read More

ජාතික ලැයිස්තුව හැර මන්ත්‍රී ධුර 196න් 128ක් පොහොට්ටුවට - 47 ක් දුරකථනයට
Friday, 07 August 2020 - 3:50

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 හැර දිස්ත්‍රික්ක වශයෙන් නිකුත්වූ... Read More