රගර් ක්‍රීඩකයාගේ මරණය අනතුරක් නොවේ

Friday, 27 February 2015 - 9:15

%E0%B6%BB%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
මීට වසර දෙකහමාරකට පෙර මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබද රස පරීක්ෂක වාර්තාව පොලීසිය වෙත ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයක් කොල්ලුපිටියේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
වසීම් තාජුඩීන් යන රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සිද්ධිය රජයේ රස පරීක්ෂකවරයාගේ මතය අපිට ලැබුණේ සති දෙකකට පමණ පෙර. මේක ස්වභාවික තත්ත්වයක් යටතේ අනතුරකින් සිදුවෙච්ච මරණයක් නොවන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සාක්ෂියේ යම් යම් කරුණු වලින් ගම්‍ය වෙනවා. ඒ නිසා පොලිස්පතිතුමා තීරණය කරලා තියෙනවා ඒ සම්බන්ධව මේ විමර්ශනය වහාම නාරාහේන්පිට පොලීසියෙන් ඉවත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ඉදලා භාර දීමට.

ඇමති - දැන් මෙතන තියෙන ප්‍රශ්නය අවුරුදු කීයක් ගත වුණාද මේ සිද්ධිය වෙලා. (දැන් සර් අවුරුදු දෙක හමාරක් වෙනවා.) අවුරුදු දෙක හමාරක්. මිනිස්සු අහනවා ඇයි මෙච්චර ප්‍රමාද වෙන්නෙ. ඒක එකක්. අනිත් එක මං දන්නේ නැහැ පිටින් තියෙන ආරංචිය තමයි එක්තරා දේශපාලනඥයෙකුගේ බලපෑමට නාවික හමුදාවේ පුද්ගලයෙක් ඇවිල්ලා තමයි මේ වෙඩි තැබීම කළේ කියලා. මම දන්නේ නැහැ මේ කියන කතා. ඉතින් මම නිකමට කිව්වේ තමුන්නාන්සේලාට දැනගන්න.

අජිත් රෝහණ - වෙඩි වැදීමෙන් තුවාල සිදු වූ බවට සලකුණක් නැහැ.
ඇමති - වෙඩි වැදීම් තුවාල නැද්ද?
අජිත් රෝහණ - වෙඩි වැදීම් තුවාල නැහැ.
ඇමති - හොඳටම විශ්වාසද?
අජිත් රෝහණ - ඔව්