පුරවැසිභාවය ඉල්ලා කුමාර් ගුණරත්නම් එවූ අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

Friday, 27 February 2015 - 13:18

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.

කුමාර් ගුණරත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වැනිදා නිෂ්ප්‍රභ කරනු ලැබුවා. ඒ අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් දැනට මෙරට රැඳී සිටින  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම්ට ගුවන් ටිකට්පතද රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද මෙතෙක් ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ. මේ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් සහය ඉල්ලා ලිපියක් යොමුකර ඇති බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ කියා සිටියේ.