ජනපති ලබන සතියේ බ්‍රිතාන්‍යයට

Friday, 27 February 2015 - 13:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සතියේදී බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කර ඇති ගෝලීය නීති සංසදයේ වාර්ෂික සැසිවාරයට සහභාගි වීම සඳහා මේ වනවිට එරටට ගොස් සිටින අධිකරණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. බ්‍රිතාන්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍ය මහරැජින සංවිධානය කර ඇති දිවා භෝජන සංග්‍රහයකට ද එක්වීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළා.

මෙහිදී පසුගිය ජනාධිපතිවරණය දිනයේදී කුමන්ත්‍රණයක් සිදුවූ බවට වත්මන් ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ පිළිබඳව ද ප්‍රශ්න කෙරුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරණයට සතියකට පෙර මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදුන් බවයි.