Update: බැංකු කළමනාකාරවරයෙකුගේ සිරුරක් හික්කඩුව වෙරළේ

Friday, 27 February 2015 - 16:25

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A

ගාල්ලේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකරුවෙකුගේ මළ සිරුර හික්කඩුව - නාරිගම වෙරළ තීරයේ තිබී අද (27) පස්වරුවේ සොයා ගත්තා. පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා රත්ගම - දොඩන්දූවේ පදිංචි ආරියසිරි විතානගේ ලෙස හඳුනාගෙන ඇති බවයි. 56 හැවිරිදි ඔහු ඊයේ රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් හික්කඩුව පොලිසියට අද පෙරවරුවේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. මෙය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

Update: Friday, 27 February 2015 - 07:05 PM
...................................................................

ගාල්ලේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකරුගේ මළ සිරුර හික්කඩුව වෙරළ තීරයේ තිබී අද (27) සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. 55 හැවිරිදි මෙම බැංකු කළමනාකරු ඊයේ රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී තිබුණු බවයි ඔහු කියා සිටියේ.