Update : නැගෙනහිර ඉතිරි ඇමති ධුර දෙක, ආරියවතීට සහ මන්සූර්ට

Friday, 27 February 2015 - 20:11

Update+%3A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%2C+%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%AD%E0%B7%93%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7
නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරුන් දෙදෙනෙකුට අදාළ පත්වීම් ලිපි භාර දීම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදුකෙරුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභාවේ හිටපු සභාපති ආරියවතී ගලප්පත්ති අධ්‍යාපන සහ ඉඩම් සංවර්ධන ඇමතිවරිය ලෙස ද, මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම්.අයි. මන්සූර්, නිවාස හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව සඳහන්.

නව පත්වීම් දෙකත් සමඟ මුස්ලිම් කොංග්‍රසයට නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධුරය සමඟ අමාත්‍ය ධුර 2ක්, දෙමළ ජාතික සන්ධානයට අමාත්‍ය ධුර දෙකක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධුරය වෙනස් වූ අතර නිදහස් පක්ෂය නියෝජනය කළ නජීඞ් ඒ මජීඞ් වෙනුවට පසුගිය 6 වන දා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඞ් මහඇමති ධුරයට පත්වුණා. ඉන් අනතුරුව මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ සන්ධානයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද ඇරයුම් කළා. කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් 20 දෙනෙකු දිවුරුම් ප්‍රකාශයක් මගින් නව මහඇමතිවරයා පත් කිරීමට එකඟතාවය පළ කරනු ලැබුවේ අනෙකුත් අමාත්‍ය ධුර වෙනස් නොකරන බවට මුස්ලිම් කොංග්‍රසය ලබාදුන් එකඟතාවය මත බවයි නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සදහන් කළේ.

කෙසේ වෙතත්, මේ වනවිට මතු වී ඇති අර්බුදය සමඟ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් ලබාදුන් දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවයි නිදහස් සන්ධාන මන්ත්‍රී විමලවීර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

Update : Friday, 27 February 2015 - 8:37
----------------------------------------
නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරු දෙදෙනෙකුට පත්වීම්

නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරුන් දෙදෙනෙකුට අදාළ පත්වීම් ලිපි භාර දීම අද (27) සිදුකර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභාවේ හිටපු සභාපති ආරියවතී ගලප්පත්ති අධ්‍යාපන සහ ඉඩම් සංවර්ධන ඇමතිවරිය ලෙස ද, නිවාස හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම්.අයි. මන්සූර් පත් කර ඇති බව සඳහන්.