ව්‍යාපෘති ගැන තීරණය කිරීමට පෙර චීනය සමඟ සාකච්ඡා කරනවා - විදේශ ඇමති මංගල

Saturday, 28 February 2015 - 8:34

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජනතා අභිලාෂයන්ට අනුව නැවතත් කේන්ද්‍ර ගත වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඒ සඳහා සමස්ත ලෝකය සමඟම සුහද සබඳතාවක් පවත්වා ගැනීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම සබඳතා ශක්තිමත් කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ චීනයේ සිය ප්‍රථම නිළ සංචාරය අරඹමින්.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර බීජිං නුවර දී චීන විදේශ අමාත්‍ය වෑන්ග් - යි සමග ඊයේ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර ඉන් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පවත්වා තිබෙනවා. ඉන්දියාව සමඟ සුහද සබදතා වර්ධනය කර ගැනීමේදී චීනයෙන් දුරස්ථවීමක් සිදුනොවන බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මතවාද මත පදනම් වන්නක් නොවේ. එය ජනතාවගේ අවශ්‍යතාවන් සහ ආර්ථික අභිලාෂයන් පෙරටු කොටගෙන නොබැඳි ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වන්නක්. ශ්‍රී ලංකාව සමස්ත ලෝකය සමඟ ගනුදෙනු කරන අතර චීනයට එහිදී විශේෂ ස්ථානයක් හිමි වනවා.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව අපගේ අසල්වැසියා සහ ඥාතියා බවයි. එමෙන්ම චීනය වසර දහස් ගණනක සිට ශ්‍රී ලංකාවේ මිතුරෙකු බවත්, ඔහු පෙන්වා දුන්නා. ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වැය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා නොකළ අතර පොදුවේ මෙරට චීන ව්‍යාපෘති පිළිබඳ අදහස් හුවමාරු වූ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් සදහන් කළා.

පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ටෙන්ඩර් පටිපාටි සහ පාරිසරික වාර්තා මඟ හැරීම් ඊට ඇතුළත්. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා. අදාළ ඇගයීම් වාර්තා ලැබුණු පසු මෙරට චීන ආයෝජනවලට සම්බන්ධ යමක් වේ නම්, ඒ සම්බන්ධයෙන් චීන රජය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සූදානම්. අදාළ වාර්තාවල කරුණු චීනය සමඟ හුමවාරු කර ගන්නා අතර, චීන රජය සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව කිසිදු අවසන් තීරණයක් නොගන්නා බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර එහිදී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.











තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More