Update : මාලදිවයිනේ දේශපාලන අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාවේ සහය පතයි

Saturday, 28 February 2015 - 12:28

Update+%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද සාකච්ඡා කළ බවයි ෂිංහුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ. මාලදිවයින් නියෝජිත පිරිසේ මූලිකත්වය ගෙන ඇත්තේ එරට පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික අබ්දුල්ලා ශාහිඞ්. අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදී චෝදනා යටතේයි. මීට වසර තුනකට පෙර ජනාධිපති ධුරය හොඹවන සමයේ එරට අපරාධ අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා නිත්‍යානුකූල නොවන ලෙස රදවා තැබීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබූයේ ද එරට අපරාධ අධිකරණයටයි. මොහොමඞ් නෂීඞ් 2009 වසරේදී මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත්වුණේ වසර 30ක පැවැති අබ්දුල් ගයුම් පාලනය පෙරළා දමමින්. කෙසේ වුවත්, මොහොමඞ් නෂීඞ් එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් කැදවූ අතර එහිදී හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල් ගයුම්ගේ ඥාති පුත්‍රයෙකු වන අබ්දුල්ලා යාමින් බලයට පත්වුණා.

මාලදිවයින් විපක්ෂ නියෝජිත කණ්ඩායමේ නායක අබ්දුල්ලා ශහීඞ් වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට බියක් පවතින බවයි. එමෙන්ම දේශපාලන හේතූන් මත ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇති බවත්, සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බවත් අබ්දුල්ලා ශහීඞ් වැඩිදුරටත් සදහන් කළා. නීතිඥවරුන්ට මෙතෙක් මොහොමඞ් නෂීඞ් මුණ ගැසීමට අවස්ථාවක් ලබාදී නැහැ.

ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම මාලදිවයින සහ එහි ජනතාව පිළිබඳ උනන්දුවක් දක්වන රටක් ලෙසයි එරට හිටපු කථානායකවරයා හැදින්වූයේ. පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙස කලාපයේ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් ද ශ්‍රී ලංකාවට පැවරෙන බව මාලදිවයින් විපක්ෂ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටියා.

මේ අතර, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් නිදහස් කරන ලෙස ඉල්ලා මාලේ අගනුවර ඊයේ පැවැති උද්ඝෝෂණයට විශාල ජනකායක් සහභාගි වී තිබෙනවා. හිටපු ජනාධිපති නෂීඞ් මෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍ය මොහොමඞ් නාසිම් ඇතුළු පිරිසක් ද මේ වන විට අත්අඩංගුවේ පසුවනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මාලදිවයින් පොලීසිය ගම්මිරිස් කුඩු විසුරුවා ඇති අතර, හිටපු අමාත්‍යවරුන් ඇතුළු 31 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Update : Saturday, 28 February 2015 - 13:08
-------------------------------------------
මාලදිවයින් නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට