හලාවත රැම්සා තෙත් බිම රැක ගැනීමට ජනතා උද්ඝෝෂණයක්

Saturday, 28 February 2015 - 13:03

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හලාවත - ආරච්චිකට්ටුව - ආනවිලූන්දාව ප්‍රදේශයේ රැම්සා තෙත්බිම ආසන්නයේ සෙවිලි තහඩු කර්මාන්තශාලාවක් ඉදිරිකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද (28) උදෑසන  උද්ඝෝෂණයක නිරත වුණා. මේ හේතුවෙන් පුත්තලම - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, උද්ඝෝෂකයින් සඳහන් කරන්නේ මෙම සෙවිලි තහඩු කර්මාන්තශාලාව ඉදිවුවහොත් ඉදිරියේදී රැම්සා තෙත් බිමට සහ ජලපෝෂක ප්‍රදේශවලට හානි සිදුවන බවයි. උද්ඝෝෂකයින් නල්ලදරන්කට්ටුව විහාරස්ථානයේ සිට හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ආනවිලූන්දාව කර්මාන්තශාලාව අසලට විරෝධතා පාගමනකින් පැමිණියා.

කෙසේ නමුත්, උද්ඝෝෂණය හේතුවෙන් පුත්තලම - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට පැවති බාධාව මේ වන විට අවසන් වී තිබෙනවා.

මේ අතර, රැම්සා තෙත් බිම රැක ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් ආනවිලූන්දාව නගරයේ උපවාසයක් ද ආරම්භ කර ඇති බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.



















ඡායාරූප - සුමුදු ජයමාන්න