ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ තුන් කොන් සබඳතාවකට චීනයෙන් ඇරයුම්

Saturday, 28 February 2015 - 13:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කලාපීය ස්ථාවරභාවය උදෙසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත්ව ත්‍රෛපාර්ශවික සහයෝගීතාවක් ගොඩනැගිය යුතු බව චීනය පවසනවා. ඉන්දියාව සමග සමීප සහයෝගීතාවක් පවත්වාගන්නා අතරතුර චීනය සම්බන්ධයෙන්ද මිතුරු ආකල්පයක් පවත්වාගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි. නව රජයේ නොබැඳි ප්‍රතිපත්තියට අනුකූලව එවැනි තුන්කොන් සබඳතාවක් පවත්වාගත හැකි බව චීන රජය අවධාරණය කරනවා. චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග බීජිං නුවර පැවති සාකච්ඡා වලින් අනතුරුවයි. එම සාකච්ඡාවට පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ චීනය ඇතුළත් ත්‍රෛපාර්ශවික සබඳතාවක් පිළිබඳ චීනය විවෘත මනසකින් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දකුණු ආසියානු කලාපය තුළ චීනයේ සහයෝගීතා පාර්ශවකරුවන් ලෙස ඔහු හඳුනනු ලැබුවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර චීනයේ සංචාරයක නිරතවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රථම චීන සංචාරයට පෙරයි.

පැවති රජය පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන නව දේශපාලන වාතාවරණය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර චීන විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය අතර අන්‍යනෝන්‍ය සබඳතාව කලාපයේ සාමය, ස්ථාවරභාවය සහ සශ්‍රිකත්වයට ඉවහල්වනු ඇති බවයි.