අරලියගහ මන්දිරයේ තාප්ප සැරසිල්ල ඉවතට

Saturday, 28 February 2015 - 16:36

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්ප සැරසිල්ලක් ලෙස සකස් කර තිබූ මල් පෝච්චි 45,000 ක තොගය ගම්පහ උද්භිද උද්‍යානය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැය කරමින් මෙම තාප්ප සැරසිල්ල සිදුකර තිබුණා. සාමාන්‍යයෙන් මසකට මෙහි මල් පැල 3000 ක් පමණ මියයන අතර, ඒවා වෙනුවෙන් නව මල්පැල අඩංගු පෝච්චි තැන්පත් කිරීම ද පසුගිය මාස කිහිපය පුරා සිදුවී තිබෙන බවයි අගමැති කාර්යාලය පවසන්නේ. ඒ වෙනුවෙන් මසකට ලක්ෂ ගණනක් වැය වූ බව සඳහන්. මහජන මුදල් නාස්තිකාර කටයුතු සඳහා යෙදවීම අත්හිටුවීමේ පියවරක් ලෙස මෙම මල්පෝච්චි තොගය ගම්පහ උද්භිද උද්‍යානය වෙත භාරදීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.