ඇමති විජේදාසට අනුරගෙන් අභියෝගයක්

Saturday, 28 February 2015 - 21:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයාට රටින් පිටවීමට අවසර ලබාදීම පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අභියෝග කළා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින්.

මතභේදයට ලක්වූ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට දිවයිනෙන් පිටව යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කර දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට පසුගියදා චෝදනා කළා. එහි නායක අනුර කුමාර දිසානායක මෙම චෝදනාව එල්ල කළේ මහනුවර පැවති රැස්වීමකදීයි.

නිශ්ශංක සේනාධිපතිට රටින් පිටවීම අධිකරණය විසින් වළක්වා තිබූ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද ජනවාරි 23 වැනිදා අධිකරණ භාරයට ගත්තා. කෙසේ වෙතත්, මෙම චෝදනාව පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජ.වි.පෙ නායකයාට අභියෝග කළේ මෙම කරුණ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.