අම්බලන්ගොඩ මාරාන්තික රිය අනතුරක්

Sunday, 01 March 2015 - 8:24

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලොරි රථයක්, අම්බලන්ගොඩ - අකුරල ප්‍රදේශයේදී මාතර සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක අද (01) අලූයම ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයා මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම අනතුරෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.