Update: වෛද්‍යවරු 6 වනදා වර්ජනයක

Sunday, 01 March 2015 - 17:36

Update%3A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+6+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ජාතික වැටුප් ප්‍රතිපත්තිය සුරකින ලෙසත්, තම වැටුප් ගැටළුවට විසදුමක් ලබාදෙන ලෙසත් ඉල්ලමින්  රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
 
කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සදහන් කළේ එළඹෙන 6 වන දා මෙම වැඩ වර්ජනය සිදුකිරීමට නියමිත බවයි. මීට පෙර අවස්ථා ගණනාවකදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා පැවැත්වුවද ඒ තුළින් සාර්ථක ප්‍රතිඵලයක් අත්නොවූ බවයි ඔහු කියා සිටියේ. පසුගිය අයවැයෙන් වෛද්‍යවරුන්ගේ දීමනා රුපියල් 15,000කින් වැඩි කර ඇති නමුත්, එය මෙතෙක් වෛද්‍යවරුන්ට නොගෙවා ඇති බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, අදාළ කරුණු මූලික කර ගනිමින් එළඹෙන 6 වන දා උදෑසන 8 සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.



Update: Sunday, 01 March 2015 - 17:36
..............................................................
රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සදහන් කළේ එළඹෙන 6 වන දා මෙම වැඩ වර්ජනය සිදුකිරීමට නියමිත බවයි.