හොරු ආරක්ෂා කරන්න එපා

Sunday, 01 March 2015 - 19:54

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
නිදහස් පක්ෂයේ සිටින දූෂිත මන්ත්‍රීවරු ආරක්ෂා කිරීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගෙන් ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ නුවරඑළිය නගර ශාලාවේ අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින්. නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අප්‍රේල් මාසයේදී මහමැතිවරණයකට යාමට කැමැත්තෙන් පසුවන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නිදහස් පක්ෂය විනාශ කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.