මානව හිමිකම් සැසිය අද ඇරඹේ

Monday, 02 March 2015 - 13:21

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා. සැසිය ආරම්භ කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙන්ම ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ද ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතයි. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඉහළ පෙළේ සාකච්ඡාමය සැසිවාරයද අද දිනයේ ආරම්භ වන අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරද ඊට සහභාගි වනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සැසිවාරය සඳහා රටවල් 65 ක විදේශ අමාත්‍යවරුන් සහභාගිවී සිටිනවා.

ශ්‍රී ලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාවද මෙම සැසිවාරයේදී ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.  මාර්තු 25 වැනිදා මානව හිමිකම් මණ්ඩල සැසියට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබූ එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීම සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ කැමැත්ත පළවුණා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ප්‍රමාද කිරීමට හේතුවූ කරුණු පිළිබඳව එම කොමිසම පසුව පැහැදිළි කිරීමක් සිදුකළා. ජගත් මානව හිමිකම් කොමිසමේ සභාපති ජෝචිම් රකර් ප්‍රකාශ කළේ් සාධාරණ හේතු මත මෙම වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමූ බවයි. සුවිශේෂී තත්ත්වයක් ලෙස සළකා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී විදේශ කටයුතූ අමාත්‍ය මංගල සමරවීර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීමටද නියමිතයි. එහිදී දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය සඳහා ජගත් සංවිධානයේ සහය ලබාගත හැකි ආකාරය සොයාබලනු ඇති. එමෙන්ම දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය පිළිබඳව විදේශ අමාත්‍යවරයා, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා  දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More