Update: ෆුල්ෆේස් හෙල්මට් 21 වැනිදා සිට තහනම්

Monday, 02 March 2015 - 14:13

Update%3A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+21+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
යතුරුපැදි ධාවනයේදී මුළුමනින්ම මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළදීම මේ මස 21 වන දා සිට සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. පොලිස් මූලස්ථානයේ අද (02) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ පමණක් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් පැළඳ අපරාධ 127ක් සිදුකර ඇති බවයි.



Update: Monday, 02 March 2015 - 07:07 PM
.........................................................
ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම සම්පූර්ණයෙන් තහනම්

යතුරුපැදි ධාවනයේදී මුළුමනින්ම මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළදීම මේ මස 21 වන දා සිට සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මේ බව කියා  සිටියා.