ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසකට අවස්ථාවක් උදා වෙලා. - ජෝන් කෙරී

Monday, 02 March 2015 - 19:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93
ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා අවස්ථාවක් උදා වී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී අද (02) ප්‍රකාශ කළා. මෙරට නායකයන් ලබා දී ඇති පොරොන්දු සහ ප්‍රතිඥා ක්‍රියාත්මක කරලීම සඳහා දිරි ගැන්වීමට ජගත් මානව හිමිකම් මණ්ඩලය කටයුතු කර තිබෙනවා. එහිදී මානව හිමිකම් මණ්ඩලයේ ක්‍රියාදාමය ඉවතලිය නොහැක්කක් බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ. ශ්‍රී ලංකාව සහ මියන්මාරය පිළිබඳව පොදුවේ ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසි වාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

රටවල් 65ක විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසි වාරය මාර්තු 28 වන දා දක්වා පැවැත්වෙනවා. සැසි වාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මානව හිමිකම් මණ්ඩලය අමතනු ලැබුයේ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින්. ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ද සැසි වාරය ඇමතුවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මීට පෙර සම්මත කර ගත් යෝජනාවලට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව මෙවර සැසි වාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය මෙවර සැසි වාරයේදී ප්‍රකාශයට පත් නොකර සැප්තැම්බරය දක්වා කල් දැමීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා  එකඟ වුණා.