ජාත්‍යන්තරයට සඟවන්න දෙයක් නෑ. - අගමැති

Monday, 02 March 2015 - 19:48

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ජාත්‍යන්තරයට සැඟවීමට කිසිවක් ශ්‍රී ලංකාවට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජගත් මානව හිමිකම් මණ්ඩලයට ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැඟවීමට යමක් නොමැති බව තමා විශ්වාස කරන්නේ යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පන්නිපිටිය - රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ ඊයේ (01) පැවැති උත්සවයකට සහභාගි වෙමින්. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහනායක ධුරයට පත් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමිපාණන්ට උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

මෙම උත්සවයට සහභාගි වූ සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් පෙන්වා දුන්නේ වර්තමානයේ ඇතැම් හිමිවරුන් විනය පටිපාටි දැඩි ලෙස උල්ලංගණය කරමින් උපන් දින සාද පැවැත්වීමට පවා පෙළඹී ඇති බවයි.  

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.