දේශීය පරීක්ෂණයකට සූදානම් - මංගල

Tuesday, 03 March 2015 - 7:49

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබද සිදුකළ පරීක්ෂණ වාර්තාවේ අඩංගු කරුණු ද දේශීය පරීක්ෂණය සඳහා යොදා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසි වාරය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පවතින ගැටළුවලට විසදුම් සෙවීම නව රජයේ අපේක්ෂාව බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසි වාරය ඊයේ (02) ආරම්භ වූයේ ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ ප්‍රධානත්වයෙන්.