මහා පරිමාණ ණය ශ්‍රී ලංකාවට ලබාදුන්නේ පොදු එකඟත්වයකින් - චීනය

Tuesday, 03 March 2015 - 13:26

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA
චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පොදු එකඟත්වයක් මත පිරිනැමූ ඒවා බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ලක් රජයේ ඉල්ලීම පරිදි සාකච්ඡා කොට ඒ සඳහා සම්මුතීන් ඇති කර ගත් බව එමගින් වැඩිදුරටත් සදහන් කළා. පසුගිය දා චීනයේ සංචාරයක නිරත වූ  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ණය පිළිබදව චීන රජය සමඟ යළි සාකච්ඡා කළ යුතු බවයි. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා බීජිං නුවර බලා පිටත් කර යැවීමට අදහස් කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා චීනය එලෙස ණය ලබාදුන් බවයි. එහිදී දෙපාර්ශවයටම ප්‍රතිලාභ අත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබුවා. ණය වැඩසටහන් දීර්ඝ කරනු ලැබුවේ දෙපාර්ශවය අතර අවබෝධාත්මක එකඟතාවලින් පසුව බව ද ඇය සදහන් කළේ චීන විදේශ අමාත්‍යාංශයේ දෛනික මාධ්‍ය හමුවට සහභාගි වෙමින්. චීන රජයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක්ම මතභේදයට ලක්වූ ඒවායි.

කෙසේ නමුත්, අදාළ ව්‍යාපෘති පිළිබඳ කැබිනට් අනු කමිටු වාර්තා ලැබුණු පසු චීනය සමඟ අදහස් විමසීමකින් තොරව ඒ පිළිබද අවසන් තීරණයක් නොගන්නා බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහතික වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාර්තු 26 වන දා සිට 28 වන දා දක්වා චීනයේ සංචාරය කරන අතර මුදල් අමාත්‍යවරයාගේ චීන සංචාරය සිදුවනු ඇත්තේ ඉන් අනතුරුවයි.