නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තහනමක්

Tuesday, 03 March 2015 - 18:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පක්ෂයේ අනුමැතියකින් තොරව වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට සහභාගිවීමට අවසර ලබා නොදීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එහි මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නිලධාරී මණ්ඩලය යටතේ පක්ෂ සංවිධාන කටයුතු යළි ආරම්භ කර ඇති බව එහි දැක්වෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය සමග සන්ධානගතව ඇති දේශපාලන පක්ෂ සමග එක්ව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම එහි අරමුණයි. විවිධ ප්‍රතිගාමී බලවේග එය දුර්වල කිරීමට කටයුතු කරන තත්ත්වයක් තුළ පක්ෂයේ මහජන නියෝජිතයන් සිය පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අවැඩක් ඇතිවීම වැළැක්වීම සඳහා පක්ෂය මෙවැනි තීරණයක් ගත් බවයි මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කරන්නේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් සංවිධාන කරන ප්‍රවෘත්ති සාකච්ඡාවන්ට සහභාගිවීමට නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්ට අවස්ථාව සළසා දී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.