රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවල තවත් සූදුවක්

Tuesday, 03 March 2015 - 21:48

%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙරට ජන සමාජයට පිළිලයක් වී ඇති රේස් බයි රේස් ඔට්ටු පිළිබඳව අප හෙලි කළේ වරක් දෙවරක් නොවේ. ජනතාව දුගී බවට ඇද දමන රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවලට අවස්ථා ගණනාවකදී ජනතා විරෝධයද ප්‍රබලව එල්ල වුණා. එමඟින් අලූතින් ආරම්භ කිරීමට සූදානම් වූ සූදුපොල හකුලාගැනීමටද සිදුවීම විශේෂත්වයක්. කෙසේ වෙතත් රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවල සිදුවන තවත් නීතිවිරෝධී ක්‍රියාවක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණ වුණා.

ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ක්‍රීඩා ලෝලීන් අතර උන්මාදයක් ලෙස පැතිර ගියේ එය ජීවිතයේ කොටසක් බවට පත්වෙමින්. මෙම හැඟීම උපයෝගී කරගනිමින් ඇතැම් කූට ව්‍යාපාරිකයන් දැන් එය ජාවාරමක් බවට පත් කරගෙන තිබෙනවා. මෙවර ලෝක කුසලානය සඳහා නීතිවිරෝධී ඔට්ටු තැබීමට ජනතාව පොළඹවා ගැනීම වෙනුවෙන් රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථාන තුළ විවිධ සැරසිලි සිදුකර ඇති බව අප නිරීක්ෂණය කළා. පිටතින් අශ්වයන් සඳහා ඔට්ටු අල්ලන මධ්‍යස්ථාන ලෙස පෙන්නුම් කළද ඇතුළත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ක්‍රිකට් ඔට්ටු තැබීම සඳහා විශේෂ පුවත්පතක්ද මුද්‍රණය කරමින් ඔවුන් ඔට්ටු ලබාගන්නවා. අදාළ පුවත්පත පිටතට රැගෙන ඒමට ඔට්ටු ඇල්ලීමට පැමිණෙන පුද්ගලයන්ට අවසර නැහැ. ඔට්ටු මධ්‍යස්ථානය තුළදී මෙම පුවත්පත ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ලබාගෙන ඔට්ටු සළකුණු කිරීම සිදුකළ යුතුයි.

ස්පෝටින් පෝස්ට් යන නමින් මුද්‍රණය කර ඇති මෙම පුවත්පත අනුව කාසියේ වාසිය, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරඟයේ වීරයා ඇතුලූ ඔට්ටු 19 ක් සඳහා මුදල් ලබා ගැනෙනවා. මෙලෙස නීතිවිරෝධී ඔට්ටු ලබාගැනීම හරහා රේස් බයි රේස් මධ්‍යස්ථාන දිනපතා උපයාගන්නා මුදල රුපියල් ලක්ෂ ගණනක්.

මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අප ප්‍රශ්න කර සිටින්නේ මෙම නීතිවිරෝධී ක්‍රියාවන්ට වැට බැඳෙන්නේ කවදාද යන්නයි. රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවල සිදුවන තවත් නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ හෙළිකිරීමට ඉදිරියේදීත් අප සූදානම්.



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More