අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දෙන්න - ජානිපෙ

Wednesday, 04 March 2015 - 7:54

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99
පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (04) පැවැත්වෙනවා. සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එහිදී අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට විශ්‍රාම යාමට පෙර එම අරමුදලෙන් සියයට 30ක මුදලක් ලබා ගැනීමට හැකිවන රෙගුලාසි මෙහිදී සාකච්ඡා වුණා. ඒ අනුව නිවාස ඉදිකිරීම්, වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මෙලෙස මුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ අතර, අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඉල්ලීමක් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ ඉදිරිපස තාප්පයේ අලංකරණය සඳහා තබා තිබූ මල් බඳුන් ඉවත් කිරීම පිළිබදව අදහස් පළ කරමින්.