ඊශ්‍රායල අගමැති ඇමරිකාවට අනතුරු අඟවයි

Wednesday, 04 March 2015 - 8:06

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ඉරානය සමඟ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ නොවන ලෙස පවසමින්. න්‍යෂ්ටික බල ශක්තිය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නම් ඉරානය තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දස වසරක්වත් අත්හිටවිය යුතු බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මීට පෙර ප්‍රකාශ කළා. මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේ ඉරානය ලෝකයට තර්ජනයක් බවයි.