තරුණියක් ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජීවිතක්ෂයට

Wednesday, 04 March 2015 - 8:58

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ග්‍රෑන්ඩ්පාස් - මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ 6 වැනි මහලින් වැටී තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම තරුණිය මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 17 හැවිරිදි සුබ්‍රමනියම් සුගෝනියා නමැති තරුණියක්. මියගිය තරුණියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.