Update : රෝහිත අබේගුණවර්ධන සහ ලක්ෂ්මන් වසන්ත අල්ලස් කොමිසමට

Wednesday, 04 March 2015 - 10:03

Update+%3A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
අයථා අන්දමින් වත්කම් උපයාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඔහුගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් අදාළ ප්‍රකාශය සටහන් කර ගනිමින් පවතින බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අදාළ පැමිණිල්ල පසුගියදා අල්ලස් කොමිසම වෙත ගොනුකළේ ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී හඬ සංවිධානය විසින්.

එමෙන්ම, පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් ද අල්ලස් කොමිසම ඊයේ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

මේ අතර, පසුගිය කාලයේ සිදුවූ මහාපරිමාණ වංචා සහ දූෂණවලට අදාළ ලිපිගොනු 20 ක් ජනතා විමුක්ති පෙරමුණ අද මහාපරිමාණ දූෂණ මැඩලීමේ ලේකම් කාර්යාලය වෙත භාර දුන්නා. එම ලිපිගොනු අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට එරෙහි චෝදනාවලට අදාළ ලිපිගොනු ද වනවා.



Update : Wednesday, 04 March 2015 - 13:11
---------------------------------------------------------
රෝහිත අබේගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

ලැබී ඇති පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කරමින් සිටිනවා. ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු 12 දෙනෙකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සිදුකළ පැමිණිල්ලෙන් ද හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. එසේම 2008 වසරේදී ද ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කළා.