ටර්කිෂ් ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Wednesday, 04 March 2015 - 11:02

%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ටර්කිෂ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමේදි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් මගීන් කිසිවකුගෙත් ජීවිත වලට හානියක් සිදුවී නොමැති අතර, කිහිපදෙනෙකුට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ටර්කිෂ් ගුවන් සේවයට අයත් ඒ330 එයාර් බස් වර්ගයේ ටී.එච්.වයි 726 ගුවන් යානයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ. අදාළ ගුවන් යානය තුර්කියේ සිට නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළ පැමිණීමයි මෙම ගුවන් යානයේ ගමනාන්තය වී තිබුණේ. ඒ අනුව කත්මන්ඩු නුවර පිවිසි ටර්කිෂ් ගුවන් යානය කත්මන්ඩු නුවර ගුවන් තොටුපළට ගොඩබස්වනාවත් සමගම ගුවන් පථයෙන් පිටතට අදාළ යානය විසිවී ගොස් තිබෙනවා. දැඩි මිහිදුම් තත්ත්වයක් මධ්‍යයයේ ලිස්සන සුළු ධාවන පතයකට එකවර යානය යොමු කිරීමත් සමග මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි ටර්කිෂ් ගුවන් සේවය පෙන්වා දෙන්නේ.