Update: පළමු සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන්නේ ඇයි ? - අගමැති රනිල් පාර්ලිමේන්තුවට පහදයි. - සිරස නගන චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි කතානායකවරයාගෙනුත් ඉල්ලයි

Wednesday, 04 March 2015 - 12:42

Update%3A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83+%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමන් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් එක් ජනමාධ්‍ය ආයතනයක් දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණ සමයේ ද රූපවාහිනි නාලිකා 3 ක් තමන්ගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළ අනුපිළිවෙලින් ඒවා ලබාදුන් බව ද කියා සිටියා. ඒ අනුව, අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු මුල්ම සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන් අතර, ඉල්ලීම් කළ අනුපිළිවෙල මත අනෙක් නාලිකා වෙත ද එවැනි සාකච්ඡා ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියා.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව පැන නැගී ඇති චෝදනා ඉදිරියේ ඔහු ආරක්ෂා කිරීමට තමන් ක්‍රියා කරන බව, පසුගියදා සිරස ටී.වී ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වී සිටි එම ආයතනයේ ප්‍රශ්න විචාරකයෙකු කෙලින්ම කියා සිටි බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. හිරු ආයතනය සමග තමන් ඞීල් දමා ඇති බව ද එම ප්‍රශ්න විචාරකයා කියා සිටි බව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්. පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද සිරස නාලිකාවේ වාර්තාකාරිනියක් මේ මතවාදයම මතුකරමින් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්නයක් විමසූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

රූපවාහිනි නාලිකා සම්මුඛ සාකච්ඡා ඉල්ලා ඇති අනුපිළිවෙලට ඒවා ලබාදීමට තමන් ක්‍රියාකර තිබියදී හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාව ලබාදීම ඞීල් එකක ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදීම සාධාරණ නැහැ.  විද්‍යුත් මාධ්‍ය අතර තරඟකාරිත්වයක් පවතින නිසා එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටීමට අනෙක් නාලිකා උත්සාහ දරනවා. එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඈදා ගැනීමත්, අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීමත් පිළිගන්නට බැහැ. නීතිය ඉදිරියේ තිබෙන කටයුතුවලට තමන් බලපෑමක් එල්ල නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. එමෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.  යමෙකුට චෝදනා ඇති පමණින් ඔහු වැරදිකරුවෙකු ලෙස හැදින්විය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත්, තමන් යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණින් කිසිදිනෙක බැහැර නොවන බවද  ඔහු කියා සිටියා.

තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීමෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අගමැතිවරයා ලෙස තමාගේ රාජකාරි හා වගකීම්වලට බාධා පමුණුවන්නට උත්සාහ කිරීම සිය අයිතීන් හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස ද අග්‍රාමාත්‍යවරයා හැඳින්වූවා. එවැන්නක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

පරීක්ෂණයකදී අදාළ චෝදනාවේ සත්‍යයක් තිබේ ද යන්න සිරස ටී.වී ආයතනයට හා එහි ප්‍රශ්න විචාරකයාටත් අවස්ථාව ලැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

යහපාලනය ගොඩනැංවීම සඳහා ආණ්ඩුව යන ගමනට විවිධ බලවේග අකුල්හෙලන බව තමා දන්නා බව ද පවසන අගමැතිවරයා එම බාධා නොතකා මෛත්‍රී පාලනයක් ඇති කරන බවට සහතික වුණා. දූෂණ හා වංචා පිටුදකිමින් ශීලාචාර ආණ්ඩුවක් පමණක් නොව, ශීලාචාර මාධ්‍ය සංස්කෘතියක් ද නිර්මාණය කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවසාන වශයෙන් කියා සිටියේ.

Update: Wednesday, 04 March 2015 - 07:30 PM
........................................................................

තමන් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් එක් ජනමාධ්‍ය ආයතනයක් දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණ සමයේ ද රූපවාහිනි නාලිකා 3 ක් තමන්ගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළ අනුපිළිවෙලින් ඒවා ලබාදුන් බව ද කියා සිටියා. ඒ අනුව, අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු මුල්ම සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන් අතර, ඉල්ලීම් කළ අනුපිළිවෙල මත අනෙක් නාලිකා වෙත ද එවැනි සාකච්ඡා ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියා.