Update : තරුණිය වැටුණා ද, පැන්නා ද ?

Wednesday, 04 March 2015 - 13:32

Update+%3A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%AF%2C+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF+%3F
ග්‍රෑන්ඩ්පාස් - මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ 6 වැනි මහලින් වැටී තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් තිබුණේ මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 17 හැවිරිදි සුබ්‍රමනියම් සුගෝනියා නමැති තරුණියක්. ඇය මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගියා ද නැතිනම් සියදිවි නසා ගත්තා ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, නිවසින් පැනයාමට උත්සාහ කිරීමේදී ඇය මෙලෙස මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගියා ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුවී තිබෙනවා. මෙම තරුණිය පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචි පුද්ගලයෙකු මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඇය යම් තරුණයෙකු සමඟ පැන යාමේ උත්සාහයක් පැවති අතර, එහිදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/TtLYVg