Update: රාජ්‍ය ආයතන 6 ක මෑන් පවර් සේවකයින් උද්ඝෝෂණයක

Wednesday, 04 March 2015 - 13:45

Update%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+6+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ - කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ විරෝධතා දෙකක් හේතුවෙන් අද කොළඹ අවට මාර්ග රැසක රථවාහන තදබදයක් ඇතිවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ හේතුවෙන් පැය 3 කට අධික කාලයක් කොටුව, පිටකොටුව, පංචිකාවත්ත, මරදාන සහ වෝඞ් පෙදෙස ආදී ප්‍රදේශවල මාර්ගවල මෙම රථවාහන තදබදය පැවති බවයි.

ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මිනිස්බල හෙවත් මෑන්පවර් සේවකයන් අද දහවල් එකට පමණ කොළඹ දුම්රියපොල ඉදිරිපිටින් විරෝධතාවක් ආරම්භ කළා. පසුව ඔවුන් පා ගමනින් ලෝටස් වටරවුමට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක් භාරදුන්නා.  මේ හේතුවෙන් ලෝටස් වටරවුමේ සිට ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගය පැය 3 කට අධික කාලයක් වසා තැබීමටයි පොලීසියට සිදුවුණේ. ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ටෙලිකොම් සමාගම, වරාය අධිකාරිය, ගුවන්තොටුපල සේවා ඇතුළු රාජ්‍ය අංශයට අනුබද්ධ ආයතන කිහිපයක මෑන්පවර් සේවකයන් මෙම විරෝධතාවට එක්ව සිටියා.

Update: Wednesday, 04 March 2015 - 07:38 PM
..................................................................

ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මිනිස්බල හෙවත් මෑන්පවර් සේවකයන් පිරිසක් මේ වනවිට කොළඹ කොටුවේ විරෝධතාවක නිරත වනවා.  දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ඔවුන් මේ වනවිට ලෝටස් වටරවුම අසලට පැමිණ සිටින අතර, ඒ හේතුවෙන් ගාලූමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවට මාර්ගවලින් පැමිණෙන රථවාහනවලට ද ලෝටස් වටරවුම හරහා ගමන් කිරීමට නොහැකි වන අයුරිනුයි ඔවුන් විරෝධතාවයේ යෙදෙන්නේ. ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ටෙලිකොම් සමාගම, වරාය අධිකාරිය, ගුවන්තොටුපල සේවය ඇතුළු රාජ්‍ය අංශයට අනුබද්ධ ආයතන කිහිපයක මෑන්පවර් සේවකයන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය ද මේ වනවිට කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පාගමනක නිරත වෙමින් සිටිනවා. ඒ භික්ෂුන් වහන්සේලා සඳහා වෙන් වූ විශ්වවිද්‍යාල හැර අනෙකුත් විශ්වවිද්‍යාලවලට නව අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩුකර ඇති බව පවසමින්.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More