සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Wednesday, 04 March 2015 - 19:33

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට මෙලෙස පහරදුන් බවයි පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරුන් වන කේ.පි. නුවන් රන්ජන් සහ අමිල කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද දහවල් ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාව තුළ පුවත්පත් බලන අතරතුර තවත් කිහිපදෙනෙකු සමග ආයුධ සන්නද්ධව පැමිණි සභාපති විජේරත්න මුණසිංහ තමන්ට පහරදුන් බව මේ වනවිට අගුණකොලපැලැස්ස රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රාදේශීය සභා මන්ත්‍රී නුවන් රන්ජන් කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොලපැලැස්ස පොලීසිය අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති විජේරත්න මුණසිංහ සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළත් එය ව්‍යවර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.