හිටපු ජනපති මහින්ද මහ මැතිවරණයට තරඟ කරන්නේද? මන්ත්‍රී නාමල්ගෙන් පිළිතුරු

Wednesday, 04 March 2015 - 19:44

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%3F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අනිද්දා මහනුවර පැවැත්වෙන රැළියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදියි.

සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කළ යුතු බව පවසමින් අනිද්දා මහනුවරදී මෙම ජන රැළිය පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ මීට පෙර නුගේගොඩ පැවති ජන රැළිය සංවිධානය කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.
 
හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග අද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගෙන්ද මෙම ජනරැළියට සහභාගිවීම පිළිබඳ කරුණු විමසීමට මාධ්‍යවේදීන් අමතක කළේ නැහැ.

තම පක්ෂයේ ජනතා නියෝජිතයන්ට අවසරයකින් තොරව වෙනත් දේශපාලන පක්ෂ සංවිධාන කරන රැස්වීම්වලට සහභාගිවීම තහනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණා. ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ මධ්‍යම කාරක සභාවේ තීරණයට සියලූදෙනා එකඟවිය යුතු බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා. ඔහු ඉල්ලා සිටියේ එය පියාගෙන් විමසන ලෙසයි.



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

යෝෂිත රාජපක්ෂගෙන් සී.සී.ඩී. ය ප්‍රශ්න කරයි