පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මියයයි

Thursday, 05 March 2015 - 8:35

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුලියාපිටිය - මාදම්පේ - දුම්මලසූරිය පොලිස් ස්ථානයේ, සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයා ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ් දුම්මලසූරිය - ශාන්තිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.