අලි රැගුම් හෙට සිට යළිත්

Thursday, 05 March 2015 - 9:15

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
තාවකාලිකව නතර කරනු ලැබූ දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් හෙට සිට යළි ආරම්භ කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා පවසනවා.

සත්වෝද්‍යානයේ සිටි අලින්ට ක්‍ෂය රෝගය වැළඳී ඇතැයි යන සැකය හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මස සිට අලි රැඟුම් නතර කිරීමට බලධාරීන් කටයුතු කළා. පසුව සත්වෝද්‍යානයේ සිටි අලින් 8 දෙනෙකුට පශු වෛද්‍ය නිලධාරීන් විවිධ පරීක්ෂණ සිදුකළ අතර එහිදී හෙළිවූයේ අලින්ට ක්‍ෂය රෝගය නොමැති බවටයි.

අලි රැඟුම් නතර කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේද  අඩුවක් පෙන්නුම් කළ බවයි අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මත නැවතත් හෙට සිට මෙම අලි මිනිස් හමුව ආරම්භ කරන බවයි දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More