Update : රේස් බයි රේස් තුළ ක්‍රියාත්මක වන නීතිවිරෝධී ඔට්ටු අල්ලන්න පොලිසිය සීරුවෙන්

Thursday, 05 March 2015 - 9:30

Update+%3A+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මෙරට සූදු ආඥා පනතට අනුව සූදුපොල ආශ්‍රිතව සිදු කෙරෙන නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. රේස් බයි රේස් සූදු පොල ආශ්‍රිතව සිදු කරන නීිතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ලබාගැනීමේ සුදුව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ කරුණු වාර්තා කළා.

නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ලබාගැනීම සඳහා පුවත්පත් පවා මුද්‍රණය කරමින් මහා පරිමාණයෙන් සූදු පොල තුළ මෙම ජාවාරම මේ දිනවල ක්‍රියාත්මක වනවා. නමුත් මෙහි කණගාටුවට කරුණක් වන්නේ නීතිය ක්‍රියාත්මක කළයුතු බලධාරීන් මෙරට අසරණ ජනතාවගෙන් මුදල් කෝටි ගණනින් සූදුපොල වෙත ඇදී යාමට ඉඩදී නිහ`ඩව බලා සිටීමයි. පිටතින් අශ්වයන්ට ඔට්ටු අල්ලන මධ්‍යස්ථානය ලෙස පෙන්නුම් කළත් මෙම ස්ථාන ඇතුළත සිදුවන්නේ ලෝක කුසලානයේ තරඟ සඳහා නීතිවිරෝධීව මහා පරිමාණයෙන් ඔට්ටු ඇල්ලීමයි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදුවන මෙවැනි අකටයුතුකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ශන ඒකකයක්ද ස්ථාපිත කර තිබෙනවා. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම විමසා සිටියත් ඔවුන් ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරඟාවලියේදී බුකීකරුවන් මාර්ගයෙන් ක්‍රිකට් තරඟ මුදලට පාවාදීමේ චෝදනා පසුගිය කාලයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි ලෙස එල්ලවුණා. ජගත් ක්‍රිකට් ක්‍ෂේත්‍රය කැළඹීමකට තුඩුදුන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කේ. ශ්‍රීනිවාසන්ගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් ටද එරට ක්‍රිකට් ක්‍රීඩකයින් හරහා තරඟ පාවාදීමේ චෝදනා එල්ලවීම හේතුවෙන්. එම සිද්ධිය හරහා ඉන්දීය ක්‍රිකට් සභාපති කේ. ශ්‍රීනිවාසන්ට සභාපතිකම අතහැර දැමීමට සිදුවුණා.

මේ හේතුව නිසා නීතිවිරෝධී සූදු මධ්‍යස්ථාන වැටලීමට ඉන්දීය බලධාරීන් දිගින් දිගටම මේ දිනවල කටයුතු කරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කළා. එවන් පසුබිමක් තුළ   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මුණිවත රැකීම කණගාටුවට කරුණක්.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/Y3cagR




තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More