කන්කසන්තුරේ ඉදිකළේ ජනාධිපති මන්දිරයක් නොවේ - හිටපු ජනපති

Thursday, 05 March 2015 - 19:22

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමාගේ භාවිතයට සඳහා යැයි කියමින් යාපනය - කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින, මාධ්‍ය මගින් අනාවරණ කළ ගොඩනැගිල්ල ජනාධිපති මන්දිරයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ  1980 වර්ෂවල කොටි ත්‍රස්තවාදීන් විනාශ කරනතුරු යාපනය කොටුව තුළ ජනාධිපති මන්දිරයක් තිබූ බවයි. එය මෙතෙක් ඉදිකර නොමැති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක් ලෙස සිය නිවේදනයේ අවධාරණය කර සිටිනවා. නාවික හමුදාව විසින් මෙම ඉදිකිරීම් කටයුතු භාරව සිටි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.
 
කන්කසන්තුරේ සහ ආරුගම්බේ යන ස්ථානවල ඉදිිවෙමින් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ලෙස තවදුරටත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ උතුර - නැගෙනහිර ප්‍රදේශවලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් සහ වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමට සැළසුම් කර තිබූ බවයි. මෙම ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය ඉදි කිරීමට කැබිනට් අනුමැතියද ලැබී තිබුණු බවයි එම නිවේදනයේ තවදුරටත් අවධාරණය කර ඇත්තේ. මෙවැනි ආයතන ඉදිකිරීම ජනාධිපති මන්දිර සඳහා සිදුකරන නාස්තිකාර වියදමක් ලෙස හුවා දැක්වීම පසුගිය වකවානුව පුරාම තමන්ට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බවද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.