තහනම පැනවූ අයට සිදුවන්නේ තනිවීමටයි. - මහනුවර රැළියේදී වාසු කියයි

Friday, 06 March 2015 - 19:28

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තහනම් පැනවීම මගින් හුදෙකලාවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ

‘‘දිනූ නිදහස අනතුරක - ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන මැයෙන් මේ වන විට මහනුවර - පොදු වෙළඳපළ ඉදිරිපිට දැන් පැවැත්වෙන ජන රැළිය අමතමින්.

සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කළ යුතු බව පවසමින් මෙම ජන රැළිය පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ මීට පෙර නුගේගොඩ පැවති ජන රැළිය සංවිධානය කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි. ජන රැළියට මහා සංඝරත්නය සහ සර්ව ආගමික පූජකවරුන් රැසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම කලාකරුවන් ද ඊට එක්ව සිටිනවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමන්මලී සකලසූරිය මන්ත්‍රීවරිය මෙන්ම ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සහ නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ද මෙම ජන රැළියට එක්ව සිටින බව සදහන්. එසේම නිදහස් පක්ෂය නියෝජනය කරන මොරටුව නගරාධිපතිවරයා ඇතුළු තවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් ද මහනුවර ජන රැළියට එක්ව සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ජන රැළිය අමතමින්  අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මෙහිදී කියා සිටියේ මෙවැනි රැස්වීම්වලට පැමිණීම තහනම් කිරීම මගින් හුදකලා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බවයි.

ජන රැළිය ඇමතූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කර ගැනීමේ සටන දැන් නව ජවයකින් ඉදිරියට යන බවයි.