තර්ජන, ගර්ජන එපා. - හිටපු ජනපති මහින්ද කියයි

Friday, 06 March 2015 - 19:39

%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%2C+%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි මහජන මතවාද තර්ජන, ගර්ජනවලින් වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට යන අතරතුර හොරණ - මදුරාවල ප්‍රාදේශීය සභාවට අද (06) පැමිණි අවස්ථාවේදියි. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සැලවීමත් සමඟ ප්‍රදේශවාසී ජනතාව ද මදුරාවල ප්‍රාදේශීය සභා භූමියට පැමිණ තිබූ අතර හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම සහ නිර්මල කොතලාවල ද එහි පැමිණ සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින්නේ තමා ළඟ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා. තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන්නැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවයි ඔහු සදහන් කර සිටියේ. පසුගිය ජනාධිපතිවරණයේදී නිදහස් පක්ෂයට හානි කර ඉවත් වුණේ තමා නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මහනුවරදී දැන් පැවැත්වෙන රැළියට සහභාගි වීම පිළිබදව  මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිවරයාගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ තමාට ද ඒ සඳහා ආරාධනාවක් ලැබුණු බවයි. අද නැකැත් දවසක් බැවින් තමන් කාර්ය බහුල බව ඔහු සදහන් කළා. දේශපාලන පළි ගැනීම් නැවැත්විය යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More