ගමන ජයග්‍රහණය දෙසටයි - මහනුවර රැළියට පණිවුඩයක් එවමින් හිටපු ජනපති කියයි

Saturday, 07 March 2015 - 8:34

%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතු බවට බල කෙරෙන දෙවන රැළිය ඊයේ (06) මහනුවර දී පැවැත්වුණා. ඒ, ‘‘දිනූ නිදහස අනතුරක - ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේයි. එය සංවිධාන කළේ මීට පෙර නුගේගොඩ පැවති ජන රැළිය සංවිධානය කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.

ජන රැළියට මහා සංඝරත්නය සහ සර්ව ආගමික පූජකවරුන් රැසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම කලාකරුවන් ද එක්ව සිටියා.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිලූම් අමුණුගම මන්ත්‍රීවරයා ඊයේ මහනුවර රැස්වීමේ වේදිකාවේ අසුන් ගැනීම විශේෂත්වයක්. හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක ද රැස්වීමට පැමිණ සිටි බව සදහන් වූ අතර  දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් මෙන්ම බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමන්මලී සකලසූරිය, ලලිත් එල්ලාවල, ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ද ජන රැළියට එක්ව සිටියා. එසේම නිදහස් පක්ෂය නියෝජනය කරන මොරටුව නගරාධිපතිවරයා ඇතුළු තවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් ද මහනුවර ජන රැළියට එක්ව සිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවා තිබූ පණිවුඩය ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වන මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින්. ජයග්‍රහණය සඳහා ඇති එකම මාවත තෝරා ගත් සැමට සුබ පතන බව එහි හිටපු ජනාධිපතිවරයා සදහන් කර තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පණිවුඩය පහතින්.....

ජයග්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද, එය මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි.
                              
                                  -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

රටේ ජයග්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ජනාතවට සුබ පතන බවත් ඒ සඳහා තමන්ගෙන් ඉල්ලා සිටින භූමිකාව ඉටුකිරීමට පොරොන්දු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසූවේ අද (06) මහනුවරදී පැවති ‘‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ පැවති ජාතික රැලියට සිය සුබපැතුම් එක් කරමිනි.

එම සුබ පැතුම් පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.

ගෞරවනීය ස්වාමීන් වහන්සල ආගමික නායකතුමනි,
වියත් බුද්ධිමත් සම්භාවනීය අමුත්තනි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සහෝදර දේශපාලන පක්ෂවල නායකවරුන්,
 ජනතා නියෝජිතයින්, පාක්ෂිකයන් ඇතුළු සියළු සහෝදර සහෝදරියනි

නුගේගොඩින් ආරම්භ කළ ජයග්‍රහී ගමනක දෙවන පියවර ද සාර්ථකව පැවැත්වෙනු දැකීම සතුටට කරුණකි. මේ අවස්ථාවේදී මමද අන්තර්ජාලය හරහා ඔබගේ ජය ඝෝෂාවන්ට සවන් දෙමින් සිටිමි. ඔබගේ මුහුණුවල ඇති අපේක්ෂාවන් මට පැහැදිලිව පෙනේ. ඒ අපේක්ෂාවන් නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් මල්ඵල ගන්නා බව මේ අවස්ථාවේදී මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.
අපට වුණු අතපසුවීම් සහ වැරදි අප හඳුනා ගත යුතුය. එසේම ඒවා යළි නොවන සේ සකස්කර ගැනීම ද කළ යුතුය. සමාව ගත යුතු තැනදී සමාව ගත යුතුය. දඬුවමක් හිමි නම්  එයද සතුටින් භාරගත යුතුය. නමුත් මවුබිම වෙනුවෙන් අපගේ දෙවුර මත පැටවී ඇති වගකීම ඉටුකිරීමට මේ කිසිවක් බාධාවක් ලෙස නොසැළකිය යුතුය.
අපගේ වැරදි වෙනුවෙන් ලැබෙන දඬුවම දඬුවමකි. නමුත් මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි. මව්බිම වෙනුවෙන් හිස්ගැසුම් කා ගලාගිය අභිමානනීය ලෙයින් වැඩිපුරම තෙමුණු පොළවක් වන ඓතිහාසික කන්ද උඩරටට ඔබ මේ පැමිණ ඇත්තේ ජයග්‍රහණය කරන්නට එක හිත් හිතාගෙන බව මට ඔබේ මුහුණින් පෙනේ.
ඔබ සැම මේ ගමන් කරන්නේ ජයග්‍රහණය දෙසට වැටී ඇති මාවතේ ය. ජයග්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද, එය මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි. ඒ සඳහා අවශ්‍ය ප්‍රමුඛතම ශක්තිය වන්නේ ඔබයි. ඒ ශක්තිය අඩු නැතිව පවතින බවට මේ මහා ජන සන්නිපාතය සාක්ෂි දරයි.
වහසිබස් දොඩන්නට අයිතියක් නැති අය වහසිබස් දොඩනවිට එය හුදු විහිලුවක් පමණක් වේ. ඒ නිසා ඔබ ඒ ගැන කලබල විය යුතු නැත. අමුතු තාලේ නීති පණවා නතරකිරීමට උත්සාහ කළ ඔබ ඒ අවදානම හිස මත දරාගෙන සත්‍ය වෙනුවෙන්ද යුක්තිය වෙනුවෙන් ද  පැමිණ පළකළ නිර්භීතභාවය මවුබිමේ ජයග්‍රහණ සඳහා අමතර ශක්තියක් බව විශේෂයෙන් ප්‍රකාශ කරමි.
ඔබ සැමට ජය වේවා! මව්බිමට ජයවේවා!
ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.


මහින්ද රාජපක්ෂ



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/SPUAU1



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්... Read More