මා යළි පොලිසියේ අභිමානය ගොඩ නගනවා

Saturday, 07 March 2015 - 18:52

%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
පසුගිය කාලයේ අහිමි වූ පොලිසියේ ගෞරවය සහ අභිමානය යළි ලබාදීමට කටයුතු කරන බව මහජන සාමය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. මාතර - දෙනියාය නව පොලිස් ස්ථානය අද (07) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ පොලිසියට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි බවයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, දෙනියාය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සාගල රත්නායකද එක්ව සිටියා.