කොළඹ වරායේ වැඩ නවතී

Saturday, 07 March 2015 - 20:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි ශ්‍රී ලංකා රජයේ බලධාරීන් තම සමාගමට නිල වශයෙන් දන්වා ඇතැයි චයිනා කමියුනිකේෂන් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම සමාගම පෙන්වා දෙන්නේ තමන්ට ඒ බව සන්නිවේදනය කර ඇත්තේ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා බවයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව තම සමාගමට දැනුම් දී ඇති බව චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම ප්‍රකාශ කළා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් නිකුත් කර ඇති අවසරපත්‍ර ඇතුළු අදාළ ලියකියවිලි ලබාදෙන ලෙසට වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉල්ලා ඇති බවයි.

එම ඉල්ලීමට අනුව තම සමාගම අදාළ ලියකියවිලි ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව චීන සමාගම අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය රජය සමයේදී කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්වලට තම සමාගම ගිවිසුම් අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව බව අදාළ සමාගම තවදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.

රජය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා සී.එච්.ඊ.සී. හෙවත් කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සමඟ ගිවිසුමකට එළැඹුණේ පසුගිය 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදායී. කෙසේ වෙතත්, පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩලය වරාය නගරයේ ඉදිකිරීම් නැවැත්වීමට තීරණය කළා. එම තීරණයෙන් පසුවත් වරාය නගරයේ ඉදිකිරීම් සිදුවන අකාරයක් දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ඊයේ පස්වරුව වනවිට එහි වැඩකටයුතු සිදුකෙරුණේ නැහැ. හෙක්ටයාර 233 ක් මුහුද ගොඩකර සාදන ලද මෙම වරාය නගරයෙන් හෙක්ටයාර 125 ක් ශ්‍රී ලංකාවට අයත් වන අතර, ඉතිරිය අයත් වන්නේ චීනයටයි.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1යි දශම 4 ක් වැය කරන අතර මුළුමනින්ම සම්පූර්ණ කළ පසු අනෙකුත් ආයෝජන සමග එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වනු ඇති බවයි චීන ඉදිකිරීම් සමාගම සඳහන් කළේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වානිජමය අවදානම තම සමාගම දරණ බවත් චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.







තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More