බෙහෙත් වලට ප්‍රතිපත්ති ඉල්ලයි

Sunday, 08 March 2015 - 19:31

%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පසුගියදා සම්මත කර ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත තුළින් ඖෂධ සඳහා මිල නියම කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 67කින් සංශෝධන සහිතව සම්මත වුණා. කෙසේ වෙතත්, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් මෙම නියාමන අධිකාරි පනත සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට සමාන කිරීමට උත්සාහ කරන බවයි.