කාන්තාවන්ට නරකම රට ලංකාවලු

Sunday, 08 March 2015 - 19:46

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%94
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (08) කාන්තා දින සැමරුමක් බදුල්ලේදී පැවැත්වුණා. එහිදී මාතෘ සායන මධ්‍යස්ථාන 5ක් ජනතා අයිතියට පත් කිරීම ද සිදුවුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

කාන්තා හිංසනය සිදුවන ලෝකයේ ප්‍රධාන රටවල් 4න් එකක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති බව අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා කම්කරු මහලේකම් කාර්යාලයේ අද (08) පැවැති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වතුකරයේ ඇතැම් ප්‍රදේශවල කම්කරු කාන්තාවන් අද (08) උද්ඝෝෂණයක නිරත වුණා. වතු ආශ්‍රිතව තිබෙන මත්පැන් අලෙවිසැල් වසා දැමීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මැඩලීම සහ වතුකරයේ කාන්තාවන්ට සම අයිතිය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණා. හැටන්, නෝර්වුඞ්, බගවන්තලාව, මස්කෙලිය සහ තලවකැළේ ආදී ප්‍රදේශවල මෙම විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ඇඟලූම් සේවිකාවන් ද අද කටුනායක දී පා ගමනක් සංවිධාන කර තිබුණා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ පෞද්ගලික අංශයේ සේවකයන් වෙත වැටුප් වැඩිවීමේදී නිශ්චිත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.