අගමැති ගමේ දියුණු ගැනත් සිතයි

Monday, 09 March 2015 - 7:36

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ග්‍රාමීය දියුණුවට විසඳුම් සෙවිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ ඇඹිලිපිටිය - හිඟුරආර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.  මේ වනවිට  ග්‍රාමීය ජනතාවට බලපාන ගැටළු හඳුනාගනිමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. මේ වනවිට ග්‍රාමීය ආර්ථිකය, ග්‍රාමීය සදාචාරය කඩාවැටෙමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එම ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම රජයේ වගකීම බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.