නාන්න ගිය විදේශිකයෝ ආගිය අතක් නෑ

Monday, 09 March 2015 - 7:48

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%86%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
දිය නෑමට ගොස් ස්ථාන දෙකකදී විදේශිකයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මීගමුව - එත්තුකාල ප්‍රදේශයේ වෙරළ තීරයේදී ඊයේ පස්වරුවේ දියනෑමට ගොස් ඉන්දියානු ජාතිකයෙකු අතුරුදන්වී ඇති බවයි. ඔහු වයස විසි හැවිරිදි අභිෂේක් ජස්වාන් පටෙල් නැමති පුද්ගලයෙක් බව සඳහන්. අතුරුදන්වූ ඉන්දීය ජාතිකයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.  

මේ අතර අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි විදේශීය තරුණ කණ්ඩායමක සිටි 23 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද සියඹලාබොක්ක - නිල්වල ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව තිබෙනවා. ටිමෝනි පෝල් ජෝන් නැමති මෙම තරුණයා සමග තවත් විදේශිකයන් සිව්දෙනෙකු සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.  එම අවස්ථාවේදී ඇමරිකානු ජාතික කාන්තාවක්ද දියේ ගිලීමට යාමේදී ප්‍රදේශවාසීන් බේරාගෙන රත්තොට මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අතුරුදන්වූ විදේශිකයා සොයා තලාතුඔය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More