වතුපිටිවල සහ හික්කඩුවේදී ඝාතන දෙකක්

Monday, 09 March 2015 - 13:07

%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
හික්කඩුව - ගෝනපීනුවල සහ නිට්ටඹුව - වතුපිටිවල ප්‍රදේශවලින් අද (09) පෙරවරුවේ ඝාතන සිද්ධීන් දෙකක් වාර්තා වුණා.

හික්කඩුව - ගෝනපීනුවල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූයේ 31 හැවිරිදි පෞද්ගලික බස් රථ හිමියෙකුයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ මියගිය තරුණයා එළවළු වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මියගිය තරුණයා මේ වනවිට විවාහ ගිවිසගෙන සිටින අතර ඔහුගේ විවාහ මංගලෝත්සවය අනිද්දා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.  

මේ අතර, නිට්ටඹුව - වතුපිටිවල ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කළ 24 හැවිරිදි හෙදියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත්තේද අද පෙරවරුවේයි. ඇය සිය නිවසේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඇඟලූම් සේවිකාවකට නවාතැන් පහසුකම් ලබාදී තිබෙනවා. නවාතැන් ගෙන සිටි කාන්තාවගේ සැමියා අද උදෑසන මෙමම හෙදියගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනය සිදුකළ සැකකරු ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. 


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More