Update: භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Monday, 09 March 2015 - 19:30

Update%3A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පසුගිය මාසයේදී සිදුකෙරුණු 30 අවුරුදු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ චෝදනාවක් එල්ල වන බැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට රජය තීරණය කළ බවයි.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුකෙරුණේ පසුගිය 27 වනදායි. වසර 30කින් කල් පිරෙන, සියයට 9 යි දශම 3 යි 5 සිට 9 යි දශම 7යි 5 දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බව මහ බැංකුව මුලින් ප්‍රකාශ කර තිබුණා.

මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ අතර මහ බැකුව අදාළ ණය ප්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවටයි චෝදනා එල්ලවන්නේ.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

බැදුම්කර නිකුතුව ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්