යුවළ මරපු දෙන්නා පොලිසියට

Tuesday, 10 March 2015 - 7:51

%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අම්බලන්ගොඩ - මීටියාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට භාර දීමට කටයුතු කළ බවයි.

පසුගිය මාර්තු මස පළමුවැනිදා මීටියාගොඩ - කුලීගොඩ පාරේ කුරුඳුතෙල් මඩුවකදී වෙඩි තබා අදාළ ව්‍යාපාරික යුවලගේ ඝාතනය සිදුකර තිබුණා.

මේ අතර, ඝාතනයට ලක්වූ ව්‍යාපාරික යුවලගේ පුතුට සිදුකළ තර්ජනයක් සහ පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ල විමර්ශනය නොකිරීමේ චෝදනාව මත එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක චන්දන ගමගේගේ වැඩ තහනම් කිරීමට ද මීට පෙර තීරණය කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ සිද්ධියේ තොරතුරු අධිකරණයට නිවැරදි ලෙස වාර්තා නොකිරීමද ඔහුට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන බවයි.

මීට අමතරව ව්‍යාපාරික යුවල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේද වැඩතහනම් කෙරුණා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අධිකරණයට භාර වූ සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරික යුවළ සමඟ කලක් සමීප ලෙස ඇසුරු කර ඇති අතර ඔවුන් මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි.

මේ අතර, හික්කඩුව - ගෝනපීනුවල සහ නිට්ටඹුව - වතුපිටිවල ප්‍රදේශවලින් ඊයේ දිනයේ ඝාතන සිද්ධීන් දෙකක් වාර්තා වුණා. හික්කඩුව - ගෝනපීනුවල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූයේ 31 හැවිරිදි පෞද්ගලික බස් රථ හිමියෙකුයි. මියගිය තරුණයා එළවළු වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

නිට්ටඹුව - වතුපිටිවල ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කළ 24 හැවිරිදි හෙදියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ ද ඊයේ දිනයේයි. ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඇඟලූම් සේවිකාවකට සිය නිවසේ නවාතැන් පහසුකම් ලබාදී තිබෙනවා. නවාතැන් ගෙන සිටි කාන්තාවගේ සැමියා ඊයේ උදෑසන මෙමම හෙදියගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනය සිදුකළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More