හෙල්මට් නැතිව ගිය මාතර රාහුලයේ සිසුවෙකු මරුට

Tuesday, 10 March 2015 - 12:13

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාතර - රාහුල විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු යතුරුපැදි අනතුරකින් අද (10) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. මාතර - අකුරැස්ස මාර්ගයේ කමිල් මංසන්දියේදී මෙම සිසුවා පදවමින් සිටි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර - වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි විනුර දේවසුරේන්ද්‍ර නමැති සිසුවෙක්. මිතුරෙකුට අයත් අදාළ යතුරුපැදිය මොහු පදවාගෙන විත් ඇත්තේ හිස් වැසුම් නොමැතිවයි. සිසුවා අදාළ හිස්වැසුම අතක රදවාගෙන පැමිණ ඇති අතර අනතුරෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුව තිබෙනවා. මිය ගිය දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක්. සිසුවා නිවසින් පැමිණෙන අවස්ථාවේදී දෙමාපියන් නිවසෙන් බැහැරට ගොස් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය මිය ගිය දරුවාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඊට ප්‍රතිචාර දැක්වූ මිය ගිය දරුවාගේ මිතුරෙකු කියා සිටියේ පාඩම් කිරීම සඳහා යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි.